Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වැඩි මිලට සහ නුසුදුසු ආහාර අලෙවි කරන්නන් සොයා වැටලීම්

උත්සව සමය වෙනුවෙන් (23)වැනි දා සිට දීපව්‍යාප්තව වැටලීම ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ඒ අනුව වැඩි මිලට ආහාර අලෙවි කරන සහ පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන්නන් සොයා වැටලීම් සිදු කෙරෙනු ඇති.

එහිදී වැඩි මිලට ආහාර අලෙවි කරන්නන් සහ පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළෙඳ සැල්වලට නඩු පැවරීමට කටයුතු කරන බවත්, මෙම වැටලීම් ජනවාරි 15වැනිදා දක්වා ක්‍රියාත්මක වනු ඇති බවත්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.

Exit mobile version