Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රථ වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කරයි

මෝටර් වාහනවල ඉදිරිපස වීදුරුවේ තනතුරු ගහන්න බැහැ - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව

මෝටර් වාහනවල ඉදිරිපස වීදුරුවේ තනතුරු ගහන්න බැහැ - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව

(18)වැනි දා සිට ක්‍රියාත්මකවන පරිදි රථ වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

මෙම ගාස්තු සංශෝධනයට අනුව මෝටර් වාහනයක් සාමාන්‍ය පදනම මත ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 2,000ක්ද මෝටර් වාහනයක් ප්‍රමුඛතා පදනම මත ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 3,000ක්ද එක්දින පදනම මත ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 4,000ක් වේ.

එමෙන්ම ප්‍රමාද වී ලියාපදිංචි කිරීමේ ගාස්තු ද සංශෝධනය කර ඇති බවට ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ඒ අනුව මෝටර් රථයක් සඳහා එක්දින ප්‍රමාද ගාස්තුව රුපියල් 100ක් ද යතුරු පැදියක් සඳහා එක්දින ප්‍රමාද ගාස්තුව රුපියල් 50ක් ද වේ. තවද ලියාපදිංචි වාහන සහතිකයේ තොරතුරු වෙනස් කිරීමේ ගාස්තුව රුපියල් 3,000ක් වේ.

Exit mobile version