Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කංසා වලට වගේම කිතුල් රා වලටත් සහය දෙන්න – චාමර සම්පත් දසනායක

කංසා වලට වගේම කිතුල් රා වලටත් සහය දෙන්න - චාමර සම්පත් දසනායක

කංසා වලට වගේම කිතුල් රා වලටත් සහය දෙන්න - චාමර සම්පත් දසනායක

කංසා වලට වගේම කිතුල් රා වලටත් සහය දෙන්නැයි ඉල්ලා සිටින බව පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

බදුල්ල පස්සර ප්‍රදේශ වල වස විස නැති රා තිබෙන බව කී චාමර සම්පත් මහතා නමුත් තවමත් කිතුල් රා ගොවියාට සාධාරණයක් ඉටු වූයේ නැති බව කීය.

කඳුකර ප්‍රදේශ වල ජනතාව වසර ගණනාවක සිට රා පාවිච්චි කළ අය බවද රා නිෂ්පාදනය සම්බන්ධ නීති අඩු කරන්නැයි ඉල්ලා සිටින බවද කී චාමර සම්පත් මහතා පොලිසිය රා හොඳට හදන කෙනා වගේම නරකට හදන අයත් කුදලාගෙන යන බවද සඳහන් කළේය.

තමා සිරිකොත මිදුලට වත් ගිහිපු නැති සිරිකොත තියෙන තැනවත් දන්නේ නැති නමුත් ජනපතිට සහය දෙන බව චාමර සම්පත් දසනායක මහතා කීය.

Exit mobile version