Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොලිසිය හැසිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කණගාටුව

පොලිසිය හැසිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කණගාටුව

පොලිසිය හැසිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කණගාටුව

පොලිසිය හැසිරීම සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පිරිස් මහතා පවසනවා. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිණුයි ඒ මහතා මේ බව සදහන් කරන්නේ.

(12) දිනයේ දී ස්ථාන 03ක සිදු වු විරෝධතා පොලිසිය විසින් මර්දනය කල ආකාරය කණගටුදායක බවයි ඔහු පවසන්නේ. කළුතර සිට කොළඹට පා ගමනින් විරෝධය දක්වමින් පැමිණි කාන්තාවන් දෙදෙනෙකු සහ ඔවුන්ට සහය පල කල පිරිස් අත්අඩංගුවට ගැනිම එහි උච්චතම අවස්ථාව බව සාලිය පිරිස් මහතා පෙන්වා දෙනවා. ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ රඳවා ගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ සහ භික්ෂුබල මණ්ඩලයේ පූජ්‍ය ගල්වැව සිරිධම්ම ස්වාමින් වහන්සේ නිදහස් කරන ලෙස ඉල්ලමිනුයි විරෝධතාව පැවැත් වුණේ. මෙම විරෝධතාවේ දී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු කොස්තාපල්වරියකගේ ගෙලෙන් අල්ලා ඇයව හිංසනයට ලක් කරණ ආකාරය දැක්වෙන දර්ශන ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

Exit mobile version