Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සතොස වෙළෙඳ සල් 300කට මත්පැන් අලෙවි බලපත්‍ර නිකුත් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව සැලසුම්

සතොස කිරිපිටි මිල පහළට

සතොස කිරිපිටි මිල පහළට

දිවයින පුරා පිහිටි සතොස වෙළෙඳ සල් 300කට මත්පැන් අලෙවි බලපත්‍ර නිකුත් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කොට ඇත.

ඒ අනුව සුරාබදු නිවේදන 902 ඛණ්ඩය සපුරා ඇති සියලු සතොස වෙළෙඳ සල් සඳහා කඩිනමින් මත්පැන් බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන් මේ වනවිට කටයුතු සම්පාදනය වෙමින් පවතින අතර මත්පැන් බලපත්‍ර ඉල්ලුම් කළ ඇතැම් සතොස ආයතන අදාළ සුදුසුකම් සපුරා නොතිබීම හා මහජන විරෝධතා හේතුවෙන් මෙම බලපත්‍ර නිකුත් කිරීමේ ගැටලු උද්ගත වී ඇති බවද පැවසේ.

සියලු සුදුසුකම් සපුරා නොමැති ඇතැම් සතොස වෙළෙඳ සල් සඳහාද මෙම බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බවද දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා අදාළ බලපත්‍ර අනුමත කිරීමෙන් අනතුරුව සතොස ආයතනවල මත්පැන් අලෙවි කිරීමේ කවුන්ටර් විවෘත කිරීමට ද පියවර ගෙන තිබේ.

මේ වනවිට දිවයින පුරා සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර හයදහසක් පමණ නිකුත් කොට තිබේ.

Exit mobile version