Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගෝඨාභයගෙන් ප්‍රකාශයක් ගන්නැයි අධිකරණයෙන් නියෝග

ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

ජනාධිපති මන්දිරයට ඇතුළු වීමෙන් අනතුරුව අරගලකරුවන් විසින් එහි තිබී රුපියල් එක් කෝටි හැත්තෑ අට ලක්ෂයක මුදලක් සොයා ගනු ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ (11) කොටුව පොලිසිය වෙත නියෝග කළේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මිරිහානේ පිහිටි නිවසේ නොමැති බැවින් ඔහු මේ වන වනවිට පදිංචිව සිටින නිවස වෙත ගොස් අදාළ ප්‍රකාශය ලබා ගන්නා ලෙසට මහේස්ත්‍රාත්වරයා පොලිසිය වෙත වැඩිදුරටත් නියම කර සිටියේය.

හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ තිබී හමුවූ එම මුදල්, අල්ලසක් හෝ වෙනත් කුමන හේතුවක් සම්බන්ධයෙන් ලැබී ඇත්දැයි විමර්ශන සිදු කරන ලෙස ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න අධිකරණය හමුවේ කරන ලද ඉල්ලීම සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග නිකුත් කළේය.

Exit mobile version