Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනවාරී 1දා සිට ඔක්තොම්බර් 31 දක්වා විදෙස් සංචාරකයන් 568,000ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ

කොවිඩ් 19 වසංගත ව්‍යාප්තියෙන් පසුව පසුබෑමට තිබුණු සංචාරක ව්‍යාපාරයට යහපත් බලාපොරොත්තු එක්කරමින් මේ වසරේ ජනවාරී 1දා සිට ඔක්තොම්බර් 31 දක්වා වූ මුල් මාස දහයක කාලයේ විදෙස් සංචාරකයන් 568,000ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

පසුගිය වසරේ දී මෙරටට පැමිණි විදේශීය සංචාරකයන්ගේ සංඛ්‍යාව වන 194,495ට සාපේක්ෂව මේ වසරේ මුල් මාස 10ක කාලයේ විදෙස් සංචාරකයන්ගේ පැමිණීමේ විශාල වර්ධනයක් මේ අනුව දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

පසුගිය ඔක්තෝබර් මාසයේ දී පමණක් විදෙස් සංචාරකයන් 42,000 ඉක්මවා පිරිසක් මෙරටට පැමිණ තිබෙන අතර,  එය පසුගිය සැප්තැම්බර් මාසයේ පැමිණි 29,802ට සාපේක්ෂව ඉහළ වර්ධනයක් බවද එම අධිකාරිය පවසයි.

කෙසේ වුවද මේ වසරේ ඔක්තෝබර් මාසයේදී විදේශීය සංචාරකයන්ගේ පැමිණීම 42000 සීමාව ඉක්මවා ගිය ද පසුගිය 2021 වසරේ එම මාසයේදී මෙරටට පැමිණ ඇත්තේ විදේශීය සංචාරකයන් 22,771 දෙනකු බව පෙන්වා දෙන එම අධිකාරිය පසුගිය 2021 වසරට සාපේක්ෂව මේ වසරේ දී විදේශීය සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් පෙන්නුම් කරන බවද කියා සිටී. ඒ අනුව මේ වසර අවසාන වන විට සංචාරකයින් මිලියනයක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සංචාරක සංවර්ධන අධිකාරිය බලාපොරොත්තු වන අතර, එය සාර්ථක වුව හොත් සංචාරක කර්මාන්තයෙන් මෙම වසරේ අමෙරිකානු ඩොලර් බිලියන 1.8ක ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විශ්වාසය පළ කරයි.

Exit mobile version