Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මෙරට උද්ධමනය පහළට

උද්ධමනය තවත් පහළට

උද්ධමනය තවත් පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 69.8හි සිට 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 66.0ක් දක්වා පහළ ‌ගොස් තිබේ.

වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස පහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික පහළ යෑම් හේතු විය.

ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 94.9හි සිට 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 85.6 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 57.6හි සිට 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 56.3ක් දක්වා පහළ ගියේය.

Exit mobile version