Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගෝඨාභය වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

ගෝඨාභයගෙන් ප්‍රකාශයක් ගන්නැයි අධිකරණයෙන් නියෝග

ගෝඨාභයගෙන් ප්‍රකාශයක් ගන්නැයි අධිකරණයෙන් නියෝග

දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ගතයුතු පියවර නොගැනීම හේතුවෙන් රජය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි චෝදනා කරමින් ගොණු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් තමා තවදුරටත් පෙනී නොසිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබේ.

පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොණුකළ අදාළ පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා අධිකරණයට මෙම දැනුම්දීම සිදු කළේය.

යසන්ත කෝඳාගොඩ, ඒ.එච්. එම්. ඩී නවාස් සහ ජනක් ද සිල්වා යන මහත්වරුන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.

Exit mobile version