Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකන් ගුවන් සේවයට ජාත්‍යන්තර ගුවන් සම්මාන උළෙලේ දී සම්මානයක්

ශ්‍රී ලංකන් ගුවන් සේවයට ජාත්‍යන්තර ගුවන් සම්මාන උළෙලේ දී සම්මානයක්

ශ්‍රී ලංකන් ගුවන් සේවයට ජාත්‍යන්තර ගුවන් සම්මාන උළෙලේ දී සම්මානයක්

ශ්‍රී ලංකන් ගුවන් සේවය, Sheikh Mohammed Bin Rashid Al Maktoum (SMBR) ගුවන් සම්මාන උළෙලේ දී විශිෂ්ඨතම ගුවන් සේවා තිරසාර වැඩසටහනට හිමි සම්මානය දිනාගත්තේය.

මේ සඳහා ඉදිරිපත්ව තිබූ අනෙකුත් ඉදිරිපත් කිරීම් 118ක් අභිබවා යමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ‘Mathaka’ නමින් හඳුන්වන upcycle ව්‍යාපෘතිය සඳහා මෙම සම්මානය හිමිවිය. ‘Mathaka’ ව්‍යාපෘතිය යටතේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ අපද්‍රව්‍ය සහ ඉවතලන අයිතම වලින් භාවිතා කළ හැකි නිෂ්පාදන නිර්මාණය කිරීම සිදුකරයි. මෙමව්‍යාපෘතිය මගින් ගුවන් සමාගමට ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි අපද්‍රව්‍ය නව නිෂ්පාදන බවට පරිවර්තනය කිරීමට ඉඩ සලසන අතර එමඟින් අපද්‍රව්‍ය සහ පරිසර දූෂණයද අවම කරයි.

SMRB Global Aviation සම්මාන ප්‍රදානය කැනඩාවේ මොන්ට්‍රියල් හි පැවති ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ (ICAO) 41වැනි මහා සභා රැස්වීමේ දී සිදුකරන ලදී. 2016 දී පිහිටුවන ලද SMBR Global Aviation සම්මාන උළෙල ගෝලීය ගුවන් සේවා කර්මාන්තයේ සාර්ථකත්වය සඳහා ව්‍යාපාරික සංවිධාන සහ පුද්ගලයින්ගේ දායකත්වය ඇගයීම සිදුකරයි.

මෙහිදී ජයග්‍රාහකයින් තෝරා ගැනීම මෙහෙයවන ලද්දේ උපායමාර්ගික හවුල්කරුවන්ගේ ජාත්‍යන්තර කණ්ඩායමක් විසිනි.

අපද්‍රව්‍ය සහ වෙනත් අයිතම වලින් නව නිර්මාණ සිදුකරන ශ්‍රී ලාංකේය සංවිධානයක් වන House of Lonali ‘ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ‘Mathaka’ ව්‍යාපෘතියේ නිල සැලසුම්කරු ලෙස සම්බන්ධ විය. ඒ අනුව එම හවුල්කාරිත්වය මගින් ‘‘Mathaka’’ සන්නාමය යටතේ සංචාරක බෑග්, මුදල් පසුම්බි, පොත්පත්, කී ටැග් සහ ස්වර්ණාභරණ ඇතුළු සුවිශේෂී නිෂ්පාදන පෙළක් එළිදැක්වීම සිදුකරන ලදී. සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලද ගුවන් සේවා නිල ඇඳුම්, ගුවන් යානා අභ්‍යන්තර කොටස් සහ අනෙකුත් ද්‍රව්‍ය වලින් සාදන ලද භාණ්ඩ, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් වලදී සහ House of Lonali හි වෙබ් අඩවිය සහ වෙනත් හවුල්කරුවන් හරහා ලබාගැනීමට හැකිවිය. මෙම ව්‍යාපෘතියෙන් ලැබෙන සියලුම මුදල් ගුවන් සමාගමේ අනෙකුත් ආයතනික තිරසාර මුලපිරීම් සඳහා එකතු වනු ඇත.

මෙම ව්‍යාපෘතිය මගින් අපද්‍රව්‍ය නව නිෂ්පාදන බවට පරිවර්තනය කිරීම මගින් ගුවන් සමාගමට සිය පරිසර හිතකාමී ආයතනික දැක්මේ තවත් පියවරක් ඉදිරියට ගෙන යාමට ඉඩ සලසයි. එපමනක් නොව, අපද්‍රව්‍ය භාවිතය නිසි ලෙස කළමනාකරණය කිරීම මගින් ආර්ථික හිඟය සහ අමුද්‍රව්‍ය හිඟය පවතින මෙම යුගයේ upcycling ව්‍යාපෘති තිරසාර ප්‍රායෝගික විසඳුමකි.

මීට අමතරව, එය කාන්තාවන්ට රැකියා අවස්ථා ලබාදීම කෙරෙහි අවධානය යොමු කරන සමාජ ව්‍යවසායක ව්‍යාපාරයක් වන බැවින් House of Lonali සමඟ හවුල් වීමෙන් ශ්‍රීලංකන් වක්‍රව කාන්තාවන් සවිබල ගැන්වීමට සවියක් ලබාදෙන ඇත. ‘‘Mathaka’’ ව්‍යාපෘතියේ නිෂ්පාදන ක්‍රියාවලිය හරහා හවුස් ඔෆ් ලෝනාලි ආයතනයේ සේවයේ නියුතු පුද්ගලයන්ට ජාත්‍යන්තර මට්ටමින් තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමටත්, ඒ සමඟම ජීවිකාව උපයා ගැනීමටත් බලය ලබා දෙනු ඇත.

Exit mobile version