Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලෝක බැංකු ණය ආධාර යටතේ ලබාදුන් නව ගිලන් රථ 60ක් සෞඛ්‍ය ආයතන වෙත

ලෝක බැංකු ණය ආධාර යටතේ ලබාදුන් නව ගිලන් රථ 60ක් සෞඛ්‍ය ආයතන වෙත

ලෝක බැංකු ණය ආධාර යටතේ ලබාදුන් නව ගිලන් රථ 60ක් සෞඛ්‍ය ආයතන වෙත

ලෝක බැංකු ණය ආධාර යටතේ ක්‍රියාත්මක වන මෙරට කොවිඩ් 19 හදිසි ප්‍රතිකාර සහ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදුන් නව ගිලන් රථ 60ක් සෞඛ්‍ය ආයතන වෙත ලබාදීම (26) සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය, කෙහෙලිය රඹූක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදු කර තිබෙනවා.

මෙරට සෞඛ්‍ය පද්ධතියේ භෞතික සම්පත් ඉහළ නැංවීමේ අරමුණින් ලබාදුන් මෙම එක් ගිලන් රථයක වටිනාකම රුපියල් මිලියන 24.4ක් වන අතර, ඒ අනුව මුළු ගිලන් රථවල වටිනාකම රුපියල් මිලියන 1464ක්.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් රෝහල් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල 11ක් සදහා සංකේතාත්මකව ගිලන් රථ ලබාදීම සිදු කර තිබෙනවා.

Exit mobile version