Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ත්‍රී රෝද රථ ගාස්තු අඩු කරන්න නම් ඉන්ධන කෝටාව ලීටර 30ක් කළ යුතුයි – ත්‍රි රෝද රථ සංගම්

පෙට්‍රල් ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රීරෝද රථ බවට පරිවර්ථනය කිරීමේ ව්‍යාපෘතියක්

පෙට්‍රල් ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රීරෝද රථ බවට පරිවර්ථනය කිරීමේ ව්‍යාපෘතියක්

ත්‍රි රෝද රථ සදහා ලබාදෙන ඉන්ධන කෝටාව දෙගුණ කළද ත්‍රිරෝද රථ පළමු කිලෝමීටරය සදහා අය කරන ගාස්තුව අඩු කළ නොහැකි බව එම සංගම් පවසනවා. කෙසේ වෙතත් ත්‍රිරෝද රථ ඉන්ධන කෝටාව ඉහළ නැංවීමට රජය ගත් තීරණයටද එම සංගම් ස්තූතිය පළ කරනවා.

නිසි නියාමනයකින් තොර ඉන්ධන කෝටාව සියලුම ත්‍රි රෝද රථ සදහා ලබාදීමේ හැකියාවක් නොමැති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ.

වෘත්තීය ත්‍රි රෝද රථ සදහා ලබාදෙන ඉන්ධන කෝටාව වැඩිකරන ලෙස කල ඉල්ලීම්වලට අනුව ඒ පිළිබද සාකච්ඡාවක් අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා. ත්‍රි රෝද රථ සදහා ලබාදෙන ඉන්ධන කෝටාව දෙගුණ කිරීමට ජනාධිපතිවරයාගේද අනුමැතිය හිමිව තිබෙනවා.

මගී ප්‍රවාහන ත්‍රි රෝද රථ ලක්ෂ තුනක් පමණ මේ වනවිට පොලීසියේ ලියාපදිංචිකර තිබෙනවා. නොවැම්බර් 13වනදා සිට සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ත්‍රි රෝද රථ ලියාපදිංචිය සිදු කිරීමට නොහැකි වුවහොත් ආරම්භයක් ලෙස පොලීසියේ ලියාපදිංචි ත්‍රි රෝද රථ සදහා ඉන්ධන කෝටාව නිකුත් කිරීමටද මෙම සාකච්ඡාවේ දී තීරණය කෙරුණා. ඉන්ධන කෝටාව ඉහළ නැංවුවද ත්‍රි රෝද රථ පළමු කිලෝමීටරය සදහා අය කරන රුපියල් 100 අඩු කළ නොහැකි බව එම සංගම් පවසනවා. අවම ගාස්තුව වශයෙන් ඊට වැඩි මුදලක් අය කෙරෙන ත්‍රීරෝද රථ එම ගාස්තුව වහාම අඩු කළ යුතු බවයි ත්‍රීරෝද රථ සංගම් පෙන්වා දෙන්නේ.

තම ඉල්ලීම් සළකා බලමින් වෘත්තීය ත්‍රි රෝද රථ හිමියන් වෙනුවෙන් ඉන්ධන කෝටාව ඉහළ නැංවීමට ගත් තීරණයටද ත්‍රි රෝද රථ සංගම් ප්‍රසාදය පළකරනවා.

Exit mobile version