Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උසස් අධ්‍යාපන අවස්ථා ලබා ගැනීමේ අරමුණින් බෙලරූස් රාජ්‍ය සමඟ අවබෝධතා ගිවිසුමක්

මෙරට සිසුන්ට උසස් අධ්‍යාපන අවස්ථා ලබා ගැනීමේ අරමුණින් බෙලරූස් රාජ්‍ය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට අධ්‍යාප අමාත්‍යංශය එකඟවී ඇත.

මේ දිනවල බෙලරූස් රාජ්‍යයේ නිල සංචාරයක නිරතව සිටින අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එරට අධ්‍යාපන අමාත්‍ය ඇනඩ්‍රියි අයි.ඉවැන්ට්ස් මහතා සමඟ සාකච්ඡා කර තිබෙන අතර එරට උසස් අධ්‍යාපනය හදාරන ශ්‍රී ලංකික සිසුන්ගේ සුබසාධන කටයුතු පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

Exit mobile version