Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2022 වසරේ රසායන විද්‍යාව සඳහා පිරිනමන නොබෙල් ත්‍යාගය තිදෙනෙකුට

2022 වසරේ රසායන විද්‍යාව සඳහා පිරිනමන නොබෙල් ත්‍යාගය තිදෙනෙකුට

2022 වසරේ රසායන විද්‍යාව සඳහා පිරිනමන නොබෙල් ත්‍යාගය තිදෙනෙකුට

2022 වසරේ රසායන විද්‍යාව සඳහා පිරිනමන නොබෙල් ත්‍යාගය මෙවර, කැරොලින් ආර්. බර්ටෝසි, මෝර්ටන් මෙල්ඩල් සහ කේ. බැරී ෂාප්ලස් යන රසායනික විද්‍යාඥයින් වෙත පිරිනැමීමට රාජකීය ස්වීඩන් විද්‍යා ඇකඩමිය තීරණය කර තිබේ.

රසායන විද්‍යා ක්ෂේත්‍ර දෙකක් වන click chemistry සහ bioorthogonal chemistry වැඩි දියුණු කිරීම වෙනුවෙන් ඔවුන්ට මෙවර නොබෙල් ත්‍යාගය පිරිනමා ඇත. විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ, ආචාර්ය කැරොලින් ආර්. බර්ටෝසි රසායන විද්‍යාව සඳහා පිරිනමන නොබෙල් ත්‍යාගය දිනූ අට වන කාන්තාව බවය.

එමෙන්ම, ආචාර්ය ෂාප්ලස් නොබෙල් ත්‍යාග දෙකකින් පිදුම් ලැබූ පස්වන විද්‍යාඥයාය.

2000 වසරේ සිට මෙම රසායන විද්‍යාඥයින් තිදෙනා ස්වාධීනව මේ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බව නොබෙල් කමිටුව පවසයි. කැරොලින් ආර්. බර්ටෝසි සහ කේ. බැරී ෂාප්ලස් අමෙරිකානු රසායන විද්‍යාඥයින් වන අතර මෝර්ටන් මෙල්ඩල් ඩෙන්මාර්කයේ රසායන විද්‍යාඥයෙකි. මෝර්ටන් මෙල්ඩල් රසායන විද්‍යාඥයා ඩෙන්මාර්කයේ කෝපන්හේගන් විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකුද වේ.

Exit mobile version