Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උ.පෙළ කල් දැම්මොත් පාසල් 10,000ක් වහන්න වෙනවා – අධ්‍යාපන ඇමැති

අතුරු තහනම් නියෝගය ඉවත් කළ සැණින් 4,000කට විදුහල්පති පත්වීම්; සංවර්ධන නිලධාරීන් 26,000ක් ජනවාරියේ සිට ගුරු සේවයට

අතුරු තහනම් නියෝගය ඉවත් කළ සැණින් 4,000කට විදුහල්පති පත්වීම්; සංවර්ධන නිලධාරීන් 26,000ක් ජනවාරියේ සිට ගුරු සේවයට

අපොස උසස් පෙළ විභාගය පැවත්වීමේ දින තවත් මාස දෙකකින් කල් දැමුවහොත් ඒ වෙනුවෙන් පෙබරවාරි මාසයේදී පාසල් දස දහසක් වසා දැමීමට සිදුවන බව අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී (03) පැවසීය.

එපමණක් නොව පාසල් කාල සටහන් මෙන්ම අපොස සාමාන්‍ය පෙළ විභාගයද ඒ අනුව කල් දැමීමට සිදුවන බව ඇමැතිවරයා කීවේය.

උසස් පෙළට දෙවැනි හා තෙවැනි වරට පෙනී සිටින දරුවන්ට මෙවර 2022 උසස් පෙළ විභාගයට පෙනී සිටීමට ප්‍රමාණවත් කාලයක් නොමැති බවට අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අධ්‍යාපන ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

විභාගය පැවැත්වීමට දින 28ක වැනි කාලයක් යන බවත් එපමණ කාලයක් පාසල් වසා දැමීමට සිදුවුණහොත් එය සමස්ත අධ්‍යාපනයටම ගැටලුවක් විය හැකි බවත් ප්‍රේමජයන්ත මහතා කීවේය.

මන්ත්‍රීවරුන්ගේ හා දරුවන්ගේ එම ඉල්ලීම තමන් විභාග දෙපාර්තමේන්තුවට යොමු කරන බවත් කිසිඳු දරුවකුට අසාධාරණයක් නොවන අයුරින් ක්‍රියා මාර්ග ගත යුතු හෙයින් ඒ පිළිබඳ අවසන් තීන්දුව විභාග දෙපාර්තුමේන්තුව ගනු ඇතැයි විශ්වාස කරන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

උසස් පෙළ විභාගයට (2022) පළමු වතාවට පෙනී සිටින දරුවන්ට විභාගය පවත්වන දිනයන් අසාධාරණයක් නොවන බව පැවැසූ ඒ මහතා මීට පෙරද දෙවැනි හා තෙවැනි වර පෙනී සිටී දරුවන්ට හිමිවූයේ මෙවැනි කාල පරාසයක් බව පැවසීය.

Exit mobile version