Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සදහන් කරමින් පෙත්සමක්

පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සදහන් කරමින් පෙත්සමක්

පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සදහන් කරමින් පෙත්සමක්

පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සදහන් කරමින් එම පනත් කෙටුම්පත විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් සහ ජනමත විචාරණයකින් සම්මත කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇත.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. එම්. මරික්කාර් මහතා විසින් ගොනුකරනු ලැබ තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම්කර ඇත්තේ නිතිපතිවරයාය.

පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත යන්නෙන් පනතක් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති බවත්, මෙහි 3 සහ 4 වගන්ති මගින් ප්‍රචන්ඩකාරී පුද්ගලයන් කැරලිකරුවන් සහ සැකකරුවන් ලෙස අර්ථනිරීපනය කර ඇති බවත් පෙත්සමෙහි දක්වා ඇත.

මෙම කෙටුම්පතේ ඇතැම් වගන්තීන් මගින් කැරලිකරුවන් ප්‍රචන්ඩකාරීන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකර පුනරුත්ථාපන කදවුරකට යොමු කිරීමට විධිවිධාන සලසා ඇති බවත් මෙම පනත් කෙටුම්පත ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4, 12 සහ 14 යන වගන්තීන්ට පටහැනි බවත් පෙත්සම්කරු සිය පෙත්සමෙන් දක්වා තිබේ.

Exit mobile version