Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කෝටි දෙකක රත්තරන් ඇතුළු භාණ්ඩ තොගයක් සමග චීවරධාරියකු රේගු නිලධාරීන් අත්අඩංගුවට

කෝටි දෙකක රත්තරන් ඇතුළු භාණ්ඩ තොගයක් සමග චීවරධාරියකු රේගු නිලධාරීන් අත්අඩංගුවට

කෝටි දෙකක රත්තරන් ඇතුළු භාණ්ඩ තොගයක් සමග චීවරධාරියකු රේගු නිලධාරීන් අත්අඩංගුවට

FacebookTwitterWhatsAppLinkedInLineWeChat

රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් රත්තරන් ඇතුළු භාණ්ඩ තොගයක් නීති විරෝධීව ඩුබායි සිට ඕමානයේ මස්කට් නගරය හරහා රැගෙන ආ චීවරධාරියකු කටුනායක ගුවන්තොටුපළේදී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.

ඡංගම දුරකතන 218ක, රුපියල් අනූ ලක්ෂයක් වටින් රන් බිස්කට් අටක්, රුපියල් ලක්ෂ හයලක්ෂ අසූ දහසක් වටිනා රන් කැබලි හයක්. රුපියල් ලක්ෂ 21 වටිනා ගෙල පළදනා මාල දෙකක්, ලැප්ටොප් පරිගණකයක් එහි තිබී සොයාගෙන ඇත.

නීති විරෝධී ලෙස රැගෙනවිත් තිබූ එම භාණ්ඩ අතර පාවිච්චි කරන ලද ජංගම දුරකතන, පාවිච්චි කරන ලද ලැප්ටොප්, රත්තරන් බිස්කට්, රත්තරන් කැබලි සහ රන් ආභරණ ඇතුළත්ව ඇති බවත් එම භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් මිලියන් 22.5ක් පමණ වන බවට තක්සේරු කර ඇති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මෙම සැකකරු සිය ගමන් මල්ල තුළ පුද්ගලික භාණ්ඩ අඩංගු යැයි ගුවන් තොටුපළ රේගුවට ප්‍රකාශ කිරීමට භාණ්ඩ නොමැති මගීන් සඳහා වෙන් කර ඇති හරිත මාවත හරහා ගුවන් තොටුපලෙන් පිටත් වීමට උත්සාහ කිරීමේදී පරීජෂා කළ බවත් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කර රේගු පරීක්ෂණයක් පවත්වා රත්තරන් සහ ජංගම දුරකථන රාජසන්තක කර සැකකරුවන්ට දඩ නියම කිරීමට ශ්‍රී ලංකා රේගුවේ ගුවන් තොටුපල අංශයේ සේවයේ නියුතු නිලධාරීන් කටයුතු කරමින් සිටින බවත් සුදත්ත සිල්වා මහතා වැඩි දුරටත් කීය.

Exit mobile version