Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සතොසෙන් භාණ්ඩාගාරයට කෝටි 600ක් පාඩු වෙලා

සතොස කිරිපිටි මිල පහළට

සතොස කිරිපිටි මිල පහළට

ලංකා සතොස භාණ්ඩ ආනයන කරුවන්ගෙන් පරිප්පු සහ සැමන් වැඩි මිලට ගෙන පාරිභෝගිකයන් හට පරිප්පු කිලෝවක් රුපියල් 89ක් සහ සැමන් ටින් එකක් රුපියල් 110ක් මිල අඩුවෙන් අලෙවි කිරීම හේතුවෙන් රුපියල් කෝටි 600ක පමණ අලාභයක් භාණ්ඩාගාරයට සිදුවී ඇතැයි රජයේ ආරංචි මාර්ග වලින් අනාවරණය වේ.

ඒ අනුව පරිප්පු කිලෝව රුපියල් 154 කට ආනයනකරුවන්ගෙන් මිලදී ගෙන පරිප්පු කිලෝවක් රුපියල් 65කටත්, රුපියල් 210 බැගින් මිලදී ගත් සැමන් ටින් එකක් රුපියල් 100 කටත් සතොස මගින් මහජනතාවට අලෙවි කෙරිණ.

හිටපු ජනාධිපති ඉකුත් කොරෝනා සමයේදී මහජනතාවට දෙන ලැබූ පොරොන්දුවක් මත මෙසේ අඩු මිලට පරිප්පු සහ සැමන් ලංකා සතොස හරහා අලෙවි කෙරිණ.

Exit mobile version