Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහ කන්නයෙන් පසුව සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නෑ; අවශ්‍ය පොහොර මේ වන විටත් බෙදාහරිනවා -කෘෂිකර්ම ඇමති

කුඹුරු ඉඩම් ගොඩකරන්න මින් ඉදිරියට අවසර නැහැ

කුඹුරු ඉඩම් ගොඩකරන්න මින් ඉදිරියට අවසර නැහැ

මෙවර මහ කන්නයෙන් පසුව මෙරටට සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා

සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැදැකීමෙන් අනතුරුව ඔහු මේ බව සඳහන් කළා.

රටට ප්‍රමාණවත් අයුරින් කෘෂිකාර්මික නිපැයුම් බිහි කිරීම සඳහා දීර්ඝකාලීන වැඩපිළිවෙළක් සැලසුම්කර ඇති බවත් ඉදිරි මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය පොහොර මේ වන විටත් බෙදාහැරීමේ කටයුතු ආරම්භ කර ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් එහිදී සඳහන් කර සිටියා.

හෙක්ටයාරයකට වඩා වැඩි කුඹුරු ප්‍රමාණයක් අස්වද්දන ගොවියකුට පොහොර හොණ්ඩරයක් නොමිලේ ලබාදෙන අතර සෙසු පොහොර තොග මිටියක් රුපියල් දස දහසක මිලට ලබාදෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

Exit mobile version