Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

43වන සේනාංකයෙන් නව දේශපාලන බලවේගයක්

රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය (ක්‍රම සහ විධි) පිළිබඳ ස්ථාවර කමිටුවේ සභාපති ධුරයට චම්පික රණවක

රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය (ක්‍රම සහ විධි) පිළිබඳ ස්ථාවර කමිටුවේ සභාපති ධුරයට චම්පික රණවක

සියලු දේශපාලන පක්‍ෂවල සහයෝගය ඇතිව ඉදිරියේදී නව දේශපාලන බලවේගයක් නිර්මාණය කරන බව 43වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ඉදිරියේදී රටට ගැලපෙන, මධ්‍යස්ථ, ප්‍රායෝගික, මධ්‍යස්ථ මෙන්ම රටේ තරුණ පරපුරේ සහ වෘත්තිකයන්ගේ විශ්වාසය දිනාගත හැකි දේශපාලන පක්ෂයක් රටට හඳුන්වා දිය යුතු බව පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.

සමඟි ජන බලවේගයේ පිරිසක් ද ඒ හා සම්බන්ධ වනු ඇතැයි තමන් විශ්වාස කරන බව මන්ත්‍රීවරයා කීය. පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ බදුල්ලේ දී (17) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

මැතිවරණයකින් තොරව මහජන මතය පාර්ලිමේන්තුව තුළ නිරූපණය කළ හැකි බලවේගයක් පළමුව බිහිකළ යුතු බව කී මන්ත්‍රීවරයා දැනට පාර්ලිමේන්තුවේ 108ක් වන විපක්‍ෂ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 113ක් බවට පත්කරගත යුතු බවද කීවේය.

එවිට රාජපක්‍ෂවරුන්ගේ හිරකරුවන් නොවී වැදගත් ගමනක් යාමට අවස්ථාව ලැබෙන බවද පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

Exit mobile version