Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඇ.ඩොලර් බිලියන 155.7ක වත්කමක් සතු අදානි ලොව ධනවත්ම පුද්ගලයින් අතර දෙවන ස්ථානයට

ආසියාවේ ධනවත්ම කිරුළ ගෞතම් අදානිට

ආසියාවේ ධනවත්ම කිරුළ ගෞතම් අදානිට

ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි ඇමර්සන් ප්‍රධානී ජෙෆ් බෙසොස් අභිබවා යමින් ලොව ධනවත්ම පුද්ගලයින් අතර දෙවන ස්ථානයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදානිගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 155.7ක් වන අතර තුන්වැනි ස්ථානයට පත්වූ ජෙෆ් බෙසොස්ගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 151.9 කි.

ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන්නේ ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඊලෝන් මාස්ක් වන අතර ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 273.5කි.

Exit mobile version