Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ක්‍රිකට් පරිපාලනයට මඩ ගසා වැට්ටීමට උත්සහ කරන පුද්ගලයන්ගේ ඉලක්කය ඩොලර් මිලියන 40ක් – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට ශම්මි සිල්වා නිතරඟයෙන් නැවතත්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට ශම්මි සිල්වා නිතරඟයෙන් නැවතත්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන පරිපාලනය ඩොලර් මිලියන 40ක් (රුපියල් කෝටි 1400 අධික) රැස්කර ඇති බවත් ක්‍රිකට් පරිපාලනයට මඩ ගසා වැට්ටීමට උත්සහ කරන පුද්ගලයන්ගේ ඉලක්කය එම ඩොලර් ගිලදැමීම බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා (15) පැවසීය.

ක්‍රිකට් පරිපාලනයට ප්‍රශ්න ඇති කර අතුරු කමිටුවක් පත්කළ පසු ක්‍රිකට් ආයතනය නැවත ණය කිරීම පිරිසකගේ ඉලක්කය බව කී ශම්මි සිල්වා මහතා පසුගිය කාලයේ ණය මත කටයුතු කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසර කීපයේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් ණය ඉල්ලා නොසිටීම පිළිබඳව පැසසුමට ලක්ව ඇති බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය තත්වය හොඳ තත්වයක තිබෙන විට පරිපාලනය ඩැහැගැනීමට පසුපස සිටින පුද්ගලයන් කවුදැයි දැනුවත් සිටින බවත් එවැනි පුද්ගලයන්ට ක්‍රිකට් පරිපාලනය ඩැහැගැනීමට කිසිඳු ඉඩක් නොතබන බවත් සභාපතිවරයා වැඩි දුරටත් කීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී (15) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා එසේ පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා එම මාධ්‍ය හමුවේදී පැවසුවේ කවුරු චෝදනා කළද වර්තමාන ක්‍රිකට් විධායක කමිටුව වඩාත් විනිවිදභාවයෙන් යුතුව කණ්ඩායමක් ලෙස කටයුතු කරන බවයි.

Exit mobile version