Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අපි න්‍යෂ්ටික අවි බලය සහිත රාජ්‍යයක් බවට පත් වී අවසන් – උතුරු කොරියා නායක කිම් ජොන් උන්

න්‍යෂ්ටික අවි බලය සහිත රාජ්‍යයක් බවට පත් වී අවසන් - උතුරු කොරියා නායක කිම් ජොන් උන්

න්‍යෂ්ටික අවි බලය සහිත රාජ්‍යයක් බවට පත් වී අවසන් - උතුරු කොරියා නායක කිම් ජොන් උන්

තමන් න්‍යෂ්ටික අවි බලය සහිත රාජ්‍යයක් බවට පත් වී අවසන් යැයි බටහිර රටවලට අනතුරු අඟවමින්, උතුරු කොරියා නායක කිම් ජොන් උන් පවසයි.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් කළ මෙම ප්‍රකාශය වාර්තා කළේ උතුරු කොරියාවේ නිල පුවත් සේවයයි. උතුරු කොරියාව න්‍යෂ්ටික බලැති රාජ්‍යයක් වීම ආපස්සට හැරැවිය නොහැකි යැයිද නායක කිම් ජොන් උන් අවධාරණය කර තිබේ.

තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තමන් ඕනෑම මොහොතක සතුරන්ට න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ල කිරීමට තමන් පසුබට නොවන බවද උතුරු කොරියානු නායකයා පවසා ඇත.

ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් උතුරු කොරියාවට සම්බාධක පනවා ඇත්තේ ඔවුන්ගේ මෙම ‘හිතුක්කාර’ න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙනි. එසේ සම්බාධක පනවා පනවා තිබියදී 2006 සිට 2017 තෙක් කාලයේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම් 6ක් සිදු කළ බව පැවැසෙයි.

Exit mobile version