Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කෝටි 111ක මත්කුඩු ප්‍රවාහනය කළ මෝටර් රථයක් රාජසන්තක කරයි

CIDයට මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ නියෝගයක්

CIDයට මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ නියෝගයක්

මාතර, වැලිගම ප්‍රදේශයේ දී රුපියල් කෝටි 111ක වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් පොලිස් භාරයට ගත් සුඛෝපභෝගී මෝටර් රථය මුදල් විශුද්ධි කිරීම වැළැක්වීමේ පනත යටතේ රාජ සන්තක කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසනවා.

2020 වසරේ නොවැම්බර් 20 වනදා පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම මත්කුඩු තොගය ප්‍රවාහනය කරමින් තිබියදී පොලිස් භාරයට ගෙන තිබුණා. පසුව කළ පරීක්ෂණවලදී සිද්ධියට අදාළව සැකකරුවන් 13 දෙනෙකුද අත්අඩංගුවට ගැනුණා.

එලෙස අත්අඩංගුවට ගත් අංගොඩ – කොටිකාවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් නීත්‍යානුකූල නොවන පරිදි උපයාගත් මුදල් යොදවා මෙම මෝටර් රථය මිලදී ගෙන ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් එම මෝටර් රථය කොළඹ 6 කිරුළපන හයිලෙවල් පාර ප්‍රදේශයේ, මෝටර් රථ අලෙවි සලකින් 2020 ජූලි මස 27 වෙනි දින රුපියල් 39 ලක්ෂ 96,000ක මුදලක් ගෙවා මිලදීගෙන තිබුණේ, අංගොඩ තල්ගහවත්ත ප්‍රදේශයේ පදිංචි වෙනත් පුද්ගලයකුගේ නමට බවට සිදුකළ දීර්ඝ විමර්ශනයේදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියකු ප්‍රකාශ කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් එකී මෝටර් රථය කිසියම් පුද්ගලයකුට විකිණීම හෝ පැවරීම හෝ වෙනයම් ක්‍රියාදාමයක් කිරීම වළක්වන නියෝගය එම කොට්ඨාස නියෝජ්‍ය අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරිවරයාගේ අත්සනින් යුතුව මෝටර් රථයේ වර්තමාන ලියාපදිංචිකරු වන අංගොඩ, තල්ගහවත්ත ප්‍රදේශයේ පුද්ගලයා වෙත ක්‍රියාවිරහිත කිරීමේ ලිඛිත නියෝගය භාරදුන් බවද එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් කියා සිටියා.

Exit mobile version