Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදුලි යතුරුපැදි හා පාපැදි බලපත්‍ර යටතේ ආනයනය කිරීමට අවසර

විදුලි යතුරුපැදි හා පාපැදි බලපත්‍ර යටතේ ආනයනය කිරීමට අවසර

විදුලි යතුරුපැදි හා පාපැදි බලපත්‍ර යටතේ ආනයනය කිරීමට අවසර

විදුලි යතුරුපැදි හා පාපැදි බලපත්‍ර යටතේ ආනයනය කිරීමට අවසර ලබා දෙන ගැසට් නිවේදනය නිකුත් කෙරුණා.

ත්‍රී රෝද රථ ලක්ෂ 10ක් විද්‍යුත්කරණය කිරීමේ වැඩපිළිවෙලේ නියමු ව්‍යාපෘතියක් ලෙස ත්‍රීරෝද රථ 300ක් විද්‍යුත් ත්‍රී රෝද රථ බවට පත් කිරීමටයි තීරණය කර තිබෙන්නේ. බලපත්‍ර යටතේ විදුලි යතුරුපැදි හා පාපැදි ආනයනය කිරීමට අවසර ලබා දෙමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් පත්‍රයක් නිකුත් කළා.

ඒ අනුව විදුලි යතුරුපැදි ආනයනය කිරීමේදී රුපියල් 4000ක් හා පාපැදියකට රුපියල් 1000ක බලපත්‍ර ගාස්තුවක් අය කිරීමට නියමිතයි. එමෙන්ම ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය වාහන මෙන්ම අමුද්‍රව්‍ය රැසක් කොන්දේසි සහිතව ආනයනය කිරීමට අවසථාව හිමිව තිබෙනවා. අයෝජන මණ්ඩලය යටතට නොගෙනෙන් අනුමත සහාධිපත්‍ය නිවාස ව්‍යාපෘති, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති හා රජයේ ව්‍යාපෘති සදහායි මෙසේ ආනයනය කළ හැකි වන්නේ.

ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටීමකින් තොරව පවත්වාගෙනයාම සඳහා රජයෙන් සහාය අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි මහතා පවසනවා

බොහෝ රථවාහන විද්‍යුත් රථවාහන බවට පරිවර්ථනය කිරීමේ ව්‍යාපෘතිය ද ආරම්භ කරන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කෙරුණේ.

Exit mobile version