Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා

ආසියානු කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කොට තිබෙනවා.

ඩුබායි හිදී මේ මස 27 වනදා ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලය ආරම්භ වීමට නියමිතයි. මේ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය හිමිව තිබෙන්නේ දසුන් චානකටයි.

සංචිතයේ සෙසු ක්‍රීඩකයන් වන්නේ දිනේෂ් චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිෂ්ශංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, අශේන් බණ්ඩාර, ධනංජය ද සිල්වා, වනිදු හසරංග, මහේෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, ප්‍රවීන් ජයවික්‍රම, දුෂ්මන්ත චමිර, චාමික කරුණාරත්න, දිල්ශාන් මධුශංක,මතීෂ පතිරණ හා නුවනිදු ප්‍රනාන්දුයි.

තරගාවලියේ පළමු තරගය ලෙස ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර තරගය මේ මස 27 වනදා ඩුබායි හිදී පැවැත්වෙනවා.

Exit mobile version