Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තලෙයිබාන් සාමාජිකයින්ට එරෙහිව පනවා ඇති තහනමක් ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ මත භේද

තලෙයිබාන් සාමාජිකයින්ට එරෙහිව පනවා ඇති තහනමක් ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ මත භේද

තලෙයිබාන් සාමාජිකයින්ට එරෙහිව පනවා ඇති තහනමක් ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ මත භේද

ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් සංවිධානයේ ප්‍රමුඛ සාමාජිකයින් 13 දෙනෙකුට එරෙහිව පනවා ඇති වෙනත් රටවලට ගමන්කිරීමේ තහනම තවදුරටත් ක්‍රියාත්මක කරන්නේද යන්න සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ මතභේදකාරී තත්ත්වයක් ඇතිවී තිබෙනවා.

2011 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිදානයේ ආරක්ෂක මණ්ඩලය සම්මතකර ගත් යෝජනාවකට අනුව ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් සංවිධානයෙන් සාමාජිකයන් 135 දෙනෙකුට සම්බාධක පැනවීම සිදුවුණා. ඔවුන්ගේ දේපළ තහනම් කිරීම මෙන්ම විදෙස් ගමන් අත්හිටුවීමද ඊට ඇතුළත්.

ඊයේ දිනය තුළදී මෙම සම්බාධකය කල් ඉකුත්වූ අතර ඉදිරියටත් එය ක්‍රියාත්මක කරන්නේ ද යන්න පිළිබදව එකගතාවක් ඇති වී නැහැ. චීනය සහ රුසියාව සදහන් කර ඇත්තේ මෙම සම්බාධකය තවදුරටත් පවත්වාගෙන යා යුතු බවයි. බටහිර රටවල් සම්බාධක ලිහිල් කළ යුතු බව සදහන් කර තිබෙනවා.

Exit mobile version