Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පෙට්‍රල් ලීටරයක් 250ට දෙන්න පුළුවන; තෙල් මිල අඩු වීමේ වාසිය පාරිභෝගිකයාට ලැබෙන්නේ නෑ – චම්පික

විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු ඉහළ දැමීමට යොදාගෙන ඇති තොරතුරු වැරදීයි

විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු ඉහළ දැමීමට යොදාගෙන ඇති තොරතුරු වැරදීයි

ලෝක තෙල් මිල දෙස බැලීමේදී පෙට්‍රල් ලීටරයක් රුපියල් දෙසිය පනහකට ලබාදීමේ හැකියාවක් ඇතැයි සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල විශාල ලෙස පහත යමින් තිබෙන බව පැවසූ මන්ත්‍රීවරයා ඩොලර් 120ට ගිය බැරලය දැන් 92 දක්වා පහළ බැස ඇති බවද සඳහන් කළේය. තෙල් මිල අඩු වීමේ වාසිය පාරිභෝගිකයාට නොලැබෙන බවද ඔහු සඳහන් කළේය.

තෙල් මිල සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා කළ ප්‍රකාශය සත්‍යයක් බව පැවසූ පාඨලී චම්පික රණවක මහතා රටේ පවතින ඩොලර් අර්බුදයට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද වගකිව යුතු බව සඳහන් කළේය.

ඛනිජ තෙල් සංස්ථාව ඩොලර් බිල් නොපියවා සිටීම නිසා රට අර්බුදයට ගිය බවත් ඒ ගැන මේ දක්වා පරීක්ෂණයක් පවත්වා නැති බවත් ඔහු කීවේය
අර්බුදයක් හදා ඒ අර්බූදයෙනුත් රුපියල් බිලියන ගණන් ගසාකෑමට ගිය බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Exit mobile version