Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලංවිම ව්‍යාපෘති 46න් 21ක් පෞද්ගලික හවුල්කාරිත්ව ගිවිසුම්වලට; මන්නාරමේ සහ පුනරීන් සුළං ව්‍යාපෘති අදානිට

මන්නාරමේ මෙගාවොට් 286ක සහ පුනරීන් ප්‍රදේශයේ මෙගාවොට් 234ක සුළං ව්‍යාපෘති දෙකක් සඳහා ඇ.ඩො.මිලියන 500කට වැඩි ආයෝජනයක් සඳහා අදානි ග්‍රීන් එනර්ජි සමාගමට තාවකාලික අනුමැතිය ලබාදුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඒ මහතා මේ බව පැවසුවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා (16) පැවති හමුවේදී ලංකා විදුලිබල මණ්ඩලයේ (ලංවිම) සහ තිරසාර සංවර්ධන අධිකාරියේ නිලධාරීන් අමතමින්.

ලංවිම පනත් සංශෝධන හේතුවෙන් ප්‍රමාද වූ ව්‍යාපෘති 46න් 21ක් ලබන සතියේ පෞද්ගලික හවුල්කාරිත්ව ගිවිසුම්වලට එළඹෙන බව අමාත්‍යවරයා පැවසුවා.

පුනර්ජනනීය යෝජනා 26ක් ජාල නිෂ්කාශනය සහ සම්ප්‍රේෂණ සැලසුම් සමඟ කඩිනම් කිරීම සඳහා තාවකාලික අනුමැතිය ලබා දී තිබෙනවා. අනෙකුත් යෝජනා දින 30ක් ඇතුළත ඇගයීමට ලක් කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියා.

Exit mobile version