Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

S&P ගෝලීය ශ්‍රේණිගත කිරීම් සමාගම ශ්‍රී ලංකාවේ බැඳුම්කරවල ශ්‍රේණිගත කිරීම ‘D’ දක්වා පහත දමයි

S&P ගෝලීය ශ්‍රේණිගත කිරීම් සමාගම ශ්‍රී ලංකාවේ බැඳුම්කරවල ශ්‍රේණිගත කිරීම 'D' දක්වා පහත දමයි

S&P ගෝලීය ශ්‍රේණිගත කිරීම් සමාගම ශ්‍රී ලංකාවේ බැඳුම්කරවල ශ්‍රේණිගත කිරීම 'D' දක්වා පහත දමයි

ගෝලීය ශ්‍රේණිගත කිරීම් සමාගමක් වන එස් ඇන්ඩ් පී සමාගම ශ්‍රී ලංකාවේ බැඳුම්කරවල ශ්‍රේණිගත කිරීම ‘ඩී’ දක්වා පහත දැමූ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය.’ඩි’ ශ්‍රේණි ගත කිරීමෙන් අදහස් කරන්නේ ශ්‍රී ලංකාව බැඳුම්කර සඳහා මුදල සහ පොලිය ගෙවීම පැහැර හරින බවයි.

මෙම වසර මුලදී බැඳුම්කර සඳහා ගෙවීම් පැහැර හරින ලද ශ්‍රී ලංකාව පුද්ගලික ණය හිමියන්ගෙන් මේ දක්වා ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 12ක මුදලක් ණයට ගෙන තිබෙන බව රොයිටර්ස් පුවත් සේවය පෙන්වා දුන්නේය.

එස් ඇන්ඩ් පී සමාගම බැඳුම්කර සඳහා ලබා දෙන පහළම ශ්‍රේණිය ‘ඩි’ වේ. ආයෝජකයින්ගේ අවධානය දිනා ගැනීමට ඉහල පොලී අනුපාතයක් පිරිනමනු ලැබුවත් ‘ඩි’ ශ්‍රේණියේ බැඳුම්කර ඉහල අවදානමක් සහිත ආයෝජන කලාපයට අයිති වේ. ‘ඩි’ ශ්‍රේණියේ බැඳුම්කරවල ඉහල අවදානමක් තිබීම හේතුවෙන් එහි ආයෝජනය කිරීමට ඇතැම් ආයෝජකයන් අකමැත්තක් දක්වයි.

Exit mobile version