Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

භාණ්ඩ ආනයනය සම්බන්දයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යාංශයට දැනුම් දීමක්

රාජ්‍ය සංස්ථා මණ්ඩලවල පාඩුව රුපියල් කෝටි ලක්ෂයක් - ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා

රාජ්‍ය සංස්ථා මණ්ඩලවල පාඩුව රුපියල් කෝටි ලක්ෂයක් - ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා

විදේශ විනිමය අර්බුදය ඉදිරි කාලයේ දී තවදුරටත් උග්‍ර විය හැකි බැවින්, අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තවදුරටත් සීමා කරන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

මෙරට විදේශ සංචිතවලට වන බලපෑම ඉදිරි කාලයේ දී තවදුරටත් පීඩාකාරී වන බැවින්, මෙම ආනයන සීමා කිරීම කඩිනමින්ම කළ යුතු බවද මහ බැංකුව දන්වා තිබේ. ඉන්ධන, ඖෂධ හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයට ඩොලර් අවශ්‍ය බැවින්, අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය දැඩි ලෙස සීමා කරන ලෙස මහ බැංකුව දැනුම් දී ඇත.

ඒ අනුව, මහ බැංකුව ආනයනය සීමා කළ යුතු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග ලැයිස්තු තුනක් මුදල් අමාත්‍යාංශයටද යවා ඇති අතර, අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග දෙදහස් පන්සියයකට වැඩි ප්‍රමාණයක් ඊට ඇතුළත් වන බවද වාර්තා වේ. මේ අතර, විවෘත ගිණුම් ක්‍රමය සහ භාණ්ඩ විකිණීමෙන් පසුව මුදල් ගෙවීමේ පදනම යන ගෙවීම් ක්‍රම යටතේ භාණ්ඩ ආනයනය තාවකාලිකව තහනම් කරන ලෙසද මහ බැංකුව මුදල් අමාත්‍යංශයට දැනුම් දී ඇත.

Exit mobile version