Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රනිල්, බැසිල් ඇතුළු ප්‍රභූ පංතිය ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණය නිසා නිර්ප්‍රභූ පංතිය පරාජය වුනා – ඩිලාන් පෙරේරා

රනිල්, බැසිල් ඇතුළු ප්‍රභූ පංතිය ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණය නිසා නිර්ප්‍රභූ පංතිය පරාජය වුනා - ඩිලාන් පෙරේරා

රනිල්, බැසිල් ඇතුළු ප්‍රභූ පංතිය ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණය නිසා නිර්ප්‍රභූ පංතිය පරාජය වුනා - ඩිලාන් පෙරේරා

අරගලය තුළද ප්‍රභූ පංතිය ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණය නිසා නිර්ප්‍රභූ පත්තියට නැවත බලය ඒම වලක්වමින් අගෝස්තු 9 වැනිදා අරගලයට ගෙදර යෑමට සිදුවූ බවත් රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්‍ෂ ඇතුළු ප්‍රභූ පංතිය ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණය නිසා නිර්ප්‍රභූ පංතිය පරාජය වූ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිසංස්කරණ කණ්ඩායමේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා (11) පැවසීය.

එම ප්‍රභූ පංතිය විවිධ ආකාරයෙන් ඔවුන්ගේ දේශපාලන වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බව කී ඩිලාන් පෙරේරා මහතා ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිඳු දිනක නොදැක්ක දේශපාලන ක්‍රියාවලියක් ක්‍රියාත්මක වන බවද සඳහන් කළේය.

හදිසි නීතිය යොදා ජනතාවට ඇත්ත දැනගැනීමට ඇති සමාජ මාධ්‍ය ජාලා මර්දනය කරමින් ආණ්ඩුවට විරුද්ධ බලවේග මර්දනය කරමින් සිටින බවත් මර්දනයේ දෙවැනි පියවර ලෙස මුද්‍රිත මාධ්‍ය ඇතුළු සෙසු මාධ්‍යයත් මර්දනය කරන බවත් ඩිලාන් පෙරේරා මහතා කීය.

මැයි මස 9 වැනිදා මහින්ද රාජපක්‍ෂ මහතාද, ජූනි මස 9 වැනිදා බැසිල් රාජපක්‍ෂ මහතාද, ජූලි මස 9 වැනිදා ගෝඨාභය රාජපක්‍ෂ මහතාද, අගෝස්තු මස 9 වැනිදා අරගලයද, ගෙදර යෑම අපේ රටේ පසුගිය මාස හතරේ දේශපාලන ක්‍රියාවලියේ සාරාංශය බව කී ඩිලාන් පෙරේරා මහතා පැවසුවේ මැයි 9 වැනිදා පෙරවරු 9.00 ට මහින්ද රාජපක්‍ෂ මහත්මයා ඉල්ලා අස්වූයේ නම් එදින වූ ලේ වැගිරීම නොවෙන්නත්, බැසිල් රාජපක්‍ෂ මහත්මයා ජූනි 9 වැනිදා පෙර ඉල්ලා ඉස්වූයේ නම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේම අගමැතිවරයෙක් එක්ක අරගලය ඉල්ලූ සර්ව පාක්‍ෂික ආණ්ඩුව නිර්මාණය කිරීමේ අවස්ථාව තිබුණු බවත්ය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජූලි 9 වැනිදා වන තෙක් නොසිට රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට සියලු දෙනා ඉල්ලූ අගමැතිවරයෙක් පත්කර සර්ව පාක්‍ෂික ආණ්ඩුව හැදුවේ නම් ජනතාවගේ ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයෙක් තවමත් රට පාලනය කරන බවද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා කොළඹදී (11) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය.

මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිසංස්කරණ කණ්ඩායමේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන වෛද්‍ය උපුල් ගලප්පත්ති, නීතිඥා වසන්ත යාපා බණ්ඩාර සහ වෛද්‍ය තිලක් රාජපක්‍ෂ යන මහත්වරු ඇතුළු පිරිසක් සභාගි වූහ.

Exit mobile version