Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

10වනදා සිට 75%ක සාමාන්‍ය අගයකින් විදුලි බිල ඉහලට – මහජන උපයෝගීතා කොමිසම

ජූලි මස සිට යෝජිත විදුලිබිල සංශෝධනය

ජූලි මස සිට යෝජිත විදුලිබිල සංශෝධනය

75% ක සාමාන්‍ය අගයකින් (10) සිට විදුලි බිල වැඩිවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළා.

ඒකක 30දක්වා සියයට 264ක වැඩිවීමක් වන අතර ඒ අනුව රුපියල් 198ක මුදලක් අමතරව විදුලි බිලට එකතු වනු ඇති. එමෙන්ම ඒකක 31-60 දක්වා සියයට 200ක වැඩිවීමක් වන අතර ඒ අනුව රුපියල් 599ක මුදලක් විදුලි බිලට එකතු වීමට නියමිතයි. ඒකක 61-90 දක්වා සියයට 125ක වැඩිවීමක් වන අතර ඒ අනුව රුපියල් 1461ක මුදලක් විදුලි බිලට එකතු වන අතර ඒකක 91-120 දක්වා සියයට 89ක වැඩිවීමක් වන අතර ඒ අනුව රුපියල් 2900 මුදලක් විදුලි බිලට එකතු වනු ඇති.

විදුලි බිල පනත සහ මහජන උපයෝගීතා කොමිසමේ පනතට යටත්ව මෙම සංශෝධනය සිදු කරනු ලැබූ බවයි ඔහු සඳහන් කළේ. 2013 වසරේ වැඩිවූ විදුලි බිල 2014 වසරේ සියයට 25කින් අඩු කළ බවද මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා මෙහිදී සඳහන් කළා.

ලක්ෂ 48ක ජනතාවක් ඒකක 90ට වඩා අඩුවෙන් භාවිතා කරන බවත් විදුලි ඒකකයක් නිපදවීමට යන පිරිවැය රුපියල් 31ක් බවත් මෙහිදී ඔහු කියා සිටියා.

නොවැම්බර් හෝ දෙසැම්බර් වනවිට ගල් අඟුරු අවශ්‍ය ප්‍රමාණයට ලැබුණොත් පවතින විදුලි කප්පාදුව කළමනාකරණය කර ගත හැකි බවද මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා මෙහිදී දැනුම් දුන්නා.

Exit mobile version