Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඩීසල් ලබාගෙන ධාවනයෙන් ඉවත්වී ඉන්ධන ජාවාරමේ යෙදෙන බස් රථවල බලපත්‍ර අවලංගු කිරීමට

ඩීසල් ලබාගෙන ධාවනයෙන් ඉවත්වී ඉන්ධන ජාවාරමේ යෙදෙන බස් රථවල බලපත්‍ර අවලංගු කිරීමට

ඩීසල් ලබාගෙන ධාවනයෙන් ඉවත්වී ඉන්ධන ජාවාරමේ යෙදෙන බස් රථවල බලපත්‍ර අවලංගු කිරීමට

ලංගමයෙන් ඩීසල් ලබාගෙන ධාවනයෙන් ඉවත් වී ඉන්ධන ජාවාරමේ යෙදෙන පෞද්ගලික බස් රථවල ධාවන බලපත්‍ර අගෝ: 1 සිට අවලංගු කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

පෞද්ගලික බස් රථ දිගින් දිගටම ලංගම මඟින් ඉන්ධන ලබාගෙන මගී ජනතාවට තම සේවාව ලබා නොදෙන බව පසුගියදා අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා සඳහන් කළේය.

දිනකට බස් රථ 5,000කට වැඩි සංඛ්‍යාවකට ඉන්ධන ලබාදෙන නමුත් එයින් මගී ජනතාවට සිය සේවය නිසි පරිදි සපයන්නේ බස් රථවලින් සියයට 70ක් බවත්, බස් රථ ලංගම ඩිපෝවලින් ලබාගන්නා ඉන්ධන වැඩි මිලට වෙනත් පාර්ශ්වලට අලෙවි කිරීම දිගින් දිගටම සිදුකරන නමුත් තවමත් කිසිදු බස් රථයකට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කර නොමැති බවත් ඔහු පැවැසීය.

එවැනි ක්‍රියා නතර කිරීමටත්, එවන් අයථා ක්‍රියා සිදු කරන බස් රථවල මාර්ග බලපත්‍ර අවලංගු කිරීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

Exit mobile version