Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් උප්පැන්න සහතිකය

ජාතික ඩිජිටල් උප්පැන්න සහතික නිකුත් කිරීම ක්‍රියාත්මකයි

ජාතික ඩිජිටල් උප්පැන්න සහතික නිකුත් කිරීම ක්‍රියාත්මකයි

ශ්‍රී ලාංකික දෙමාපියන්ට දාව මෙරටදී උපත ලබන දරුවන්ට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිකුත් කරන උප්පැන්න සහතිකයට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කරන ජාතික හැදුනුම්පත් අංකය (01) සිට ඇතුළත් කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය.

එම දෙපාර්තමේන්තු දෙක මාර්ගගත ක්‍රමය ඔස්සේ තොරතුරු හුවමාරු කරමින් ආරම්භයේදී නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බවත් ගම්පහ, දෙහිවල, හඟුරන්කෙත, කුරුණෑගල, රත්නපුර සහ තමන්කඩුව යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල එම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් ගුණතිලක මහතා කීය.

එම උප්පැන්න සහතිකය ලබාගත් සියලුම පුරවැසියන් වයස අවුරුදු 15ට එළඹි පසු ජාතික හැදුනුම්පත සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළ පසු උප්පැන්න සහතිකයේ සඳහන් අංකයට ජාතික හැදුනුම්පතක් නිකුත් කරන බවත් උපතේ සිට එකම අංකයකින් තොරතුරු වාර්තා සහ ගබඩා කරගැනීමට හැකියාව ලැබීමෙන් ජනතාවට පහසුවක් ඇති වන බවත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා වැඩි දුරටත් කීය.

Exit mobile version