Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනපතිගේ ලිපියට ජාතික නිදහස් පෙරමුණෙන් සහ 43වන සේනාංකයෙන් ප්‍රතිචාර

සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් සදහා එක්වන ලෙස සියලු පක්ෂවලට ආරාධනා කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යොමුකළ ලිපියට ජාතික නිදහස් පෙරමුණ සහ 43වන සේනාංකය පිළිතුරු ලිපි යොමුකර තිබෙනවා.

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ 43වන සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව මෙම ලිපි ජනාධිපතිවරයා වෙත යොමුකර තිබෙනවා.

ජාතික නිදහස් පෙරමුණ එම ලිපියෙන් පෙන්වා දී තිබෙන්නේ ජනාධිපතිවරයාගේ පැරණි උපදේශකයින් මගින් සර්ව පාක්ෂික වැඩපිළි‍වෙල සකස් කිරීම තුළින් දේශපාලන පක්ෂවල සහ මහජනතාවගේ විශ්වාසය දිනාගත නොහැකි බවට වටහා ගත යුතු බවයි.

එමෙන්ම 43වන සේනාංකයද සදහන් කරන්නේ අර්බුදය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු බවට තම පක්ෂය මෙන්ම අනෙක් පක්ෂ ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දක්වා ඇති ප්‍රතිචාරය අපැහැදිලි බවයි.

Exit mobile version