Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

01 වසරට අයදුම් කරන්න දුන් කාලය දීර්ඝ කරයි; ඉදිරි සතිය තුළ පාසල් පැවැත්වෙන්නේ මීට පෙර ක්‍රියාත්මක වූ ආකාරයටමයි

01 වසරට අයදුම් කරන්න දුන් කාලය දීර්ඝ කරයි; ඉදිරි සතිය තුළ පාසල් පැවැත්වෙන්නේ මීට පෙර ක්‍රියාත්මක වූ ආකාරයටමයි

01 වසරට අයදුම් කරන්න දුන් කාලය දීර්ඝ කරයි; ඉදිරි සතිය තුළ පාසල් පැවැත්වෙන්නේ මීට පෙර ක්‍රියාත්මක වූ ආකාරයටමයි

අනිද්දා(01) සිට ලබන 05 දින දක්වා සතිය තුළ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් පැවැත්වෙන්නේ මීට පෙර ක්‍රියාත්මක වූ ආකාරයටම බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව සඳුදා අඟහරුවාදා සහ බ‍්‍රහස්පතින්දා පාසල් පැවැත්වෙන අතර, බදාදා සහ සිකුරාදා දිනවල දී සිසුන්ට නිවෙස්වල සිට ඉගෙනීමේ කටයුතුවල නිරත විය හැකියි. නැතහොත් මාර්ගගතව ඉගැන්වීම් කටයුතු සිදු කිරීමටද හැකියාව පවතින බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

කෙසේ වෙතත්, ප‍්‍රවාහන අපහසුතා නොමැති පාසල්වල විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ එකඟතාව සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂගේ අනුමැතිය මත බදාදා සහ සිකුරාදා දිනවලද පාසල් පැවැත්වීමේ හැකියාව පවතිනවා. මෙහිදී පවතින තත්ත්වය සලකා බලා සෑම ගුරුවරයකුටම අවම වශයෙන් දින තුනක් පාසලට පැමිණ ඉගැන්වීම් කටයුතු සිදුකිරීමට හැකිවන ලෙස නම්‍යශීලී කාල සටහනක් සකස් කිරීමේ හැකියාව පවතින බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර ලබන වසර සඳහා පාසල්වල පළමුවන ශේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ දින නැවත දීර්ඝ කර තිබෙනවා. දෙමාපියන්ගෙන් ලැබී තිබූ ඉල්ලීම් සළකා බලා මෙම තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ. ඒ අනුව, එම අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අවසාන දිනය 2022.08.15 දින දක්වා දීර්ඝ කර තිබෙනවා.

Exit mobile version