Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවට අති විශාල ගෞරවයක් ගෙන දුන් Zaleeha Issadeen ක්‍රීඩිකාව ජාත්‍යන්තරයට ඉදිරිපත් නොකර කපා හැරියේ ඇයි?

ලංකාවට අතිවිශාල ගෞරවයක් රැගෙන එමින් පසුගිය දින ලෝක ස්කොෂ් ක්‍රීඩා ශ්‍රේණි ගත කිරීම් වලින් ලොව පළමු 250 දෙනා අතරට පැමිණි ෆාතුම් සලීහා (Fathoum Zaleeha Issadeen) පිට පිටම තුන් වතාවක් ශ්‍රී ලංකාවේ ජාතික ශූරතාවලිය දිනා ගනිමින් මේ වන විට ලෝක ස්කොෂ් ශ්‍රේණිගත කිරීම් වල 246 වැනි ස්ථානයේ පසුවුණද, ඇගේ නාමය මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නම් ලැයිස්තුවෙන් ඉවත් කොට තිබීමය.

ක්‍රීඩිකාවක් ලෙස ඇගේ මීලඟ ඉලක්කය වනුයේ ලොව හොඳම ස්කොෂ් ක්‍රිඩකයන් 100 දෙනා අතරට පැමිණීමය.

ඇයට මෙවැනි ආකාරයේ සිදුවීම්වලට මුහුණ දීමට සිදු වූ පළමු අවස්ථාව  මෙය නොවීමද විිශේෂත්වයකි.

අද පස්වරුව වන විටත් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවේ සංචිතය දිවයිනෙන් පිටත් වී හමාරය.

ආර්ථිකය ඇතුළු විවිධ ක්ෂේත්‍ර වලින් බිඳ වැටී ඇති පසුබිමක මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය තුළට පවා මෙවන් ආකාරයේ වූ තත්ත්වයක් උදා වී තිබීම ඛේදජනක තත්ත්වයකි.

Exit mobile version