Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවට අන්තර්ජාතික ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේදී ලෝකඩ පදක්කමක්

ශ්‍රී ලංකාවට අන්තර්ජාතික ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේදී ලෝකඩ පදක්කමක්

ශ්‍රී ලංකාවට අන්තර්ජාතික ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේදී ලෝකඩ පදක්කමක්

ආර්මේනියා රාජ්‍යයේ යෙරෙවාන් හිදී ඉකුත්දා පැවති අන්තර්ජාතික ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේදී ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ හර්ෂාන් අරුමෝලී ශිෂ්‍යයා සමත්විය. ඔහු යාපනය හින්දු විද්‍යාලයේ ශිෂ්‍යයෙකි.

රටවල් 64ක් සහභාගී වූ මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකව නියෝජනය කරමින් සිසුන් සිවුදෙනකු සුදුසුකම් ලැබ තිබූ අතර, ජූලි 10 සිට 18දක්වා පැවති එම තරඟාවලිය ප්‍රායෝගික සහ න්‍යායික යන කොටස් දෙකකින් සමන්විත විය.

බලංගොඩ ආනන්ද මෛත්‍රී විද්‍යාලයේ ප්‍රවීන් තෙන්නකොන්, මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ සිළුනි වික්‍රමතිලක, කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයේ කාර්තික් ප්‍රවීන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරඟයට සහභාගී වූ අනෙක් සිසුහු වෙති.

තරගාවලියේ විශේෂ ජූරි සභිකයන් ලෙස ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හිරාන් අමරසේකර සහ කැලණිය විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය එම්.ජයන්ත විජේරත්න යන මහත්වරුද සහභාගී වූහ.

ශ්‍රී ලංකා ජීව විද්‍යා ආයතනය මගින් ජීව විද්‍යා අංශයෙන් 2021 උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් අතර, පැවැත්වූ තරගාවලියකින් අනතුරුව ජාත්‍යන්තර ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය නියෝජනය කිරීම සඳහා මෙම සිසුන් තෝරාගෙන තිබිණි.

Exit mobile version