Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රනිල් ජනාධිපති ධූරයට පත්වූයේ බැසිල්ගේ මෙහෙයුමක ප්‍රතිඵලයකින් – ජෝසෆ් ස්ටාලින්

රනිල් ජනාධිපති ධූරයට පත්වූයේ බැසිල්ගේ මෙහෙයුමක ප්‍රතිඵලයකින් - ජෝසෆ් ස්ටාලින්

රනිල් ජනාධිපති ධූරයට පත්වූයේ බැසිල්ගේ මෙහෙයුමක ප්‍රතිඵලයකින් - ජෝසෆ් ස්ටාලින්

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වූයේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ මෙහෙයුමක ප්‍රතිඵලයක් අනුව බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව කොළඹදී ජූලි (20) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පැවසීය.

රනිල් වික්‍රමසිංහට සහය පළ කළ මන්ත්‍රීවරුන් පිටුපස බැසිල් රාජපක්ෂ සිටින බව පැවසූ හෙතෙම රනිල් වික්‍රමසිංහ යනු බැසිල් රාජපක්ෂගේ අවතාරයක් බවද ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුව තුළ ජනතා මතය නියෝජනය නොවන බවත් එහි බැසිල් රාජපක්ෂගේ මතය පමණක් නියෝජනය වන බවත් ස්ටාලින් සඳහන් කළේය.

ජනතාව ඉල්ලා සිටි වෙනස පාර්ලිමේන්තුව තුළින් ඉටුනොවීම මත වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව රනිල් වික්‍රමසිංහගේ පත්වීමට විරුද්ධ බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ජනතාව සමග එක්ව රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති පත්වීමට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමට වෘත්තීය සමිති හා බහුජන සංවිධාන සූදානම් බවද ස්ටාලින් මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මර්දනය දියත් කරමින් ගාලු මුව‍ෙදාර අරගලකරුවන්ට බණ්ඩාරනායක පිළිරුවට මීටර් පනහක් දුරින් සිටින්නැයි උසාවි නියෝගයක් ලබාගෙන ඇති බව පැවසූ හෙතෙම ජනමතයකින් තොරව පත්වූ පාලකයෙකුට ගත හැකි එකම ක්‍රියාමාර්ගය මර්දනය පමණක් බවද කීවේය.

මේ ආකාරයට දිගින් දිගටම මර්දන කටයුතු සිදුවුවහොත් වැඩවර්ජන වැනි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව සූදානමින් සිටින බවද ස්ටාලින් ප්‍රකාශ කළේය.

Exit mobile version