Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අරගලකරුවන් වෙනුවෙන් නව දේශපාලන පක්ෂයක්

අරගලකරුවන් වෙනුවෙන් නව දේශපාලන පක්ෂයක්

අරගලකරුවන් වෙනුවෙන් නව දේශපාලන පක්ෂයක්

“ජන අරගලයේ පුරවැසියෝ” නමින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කර ගැනීම සඳහා ගාලු මුව‍ෙදාර අරගලයේ නිරත විරෝධතාකරුවන් පිරිසක් ජූලි (18) මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.

පවතින දේශපාලන අර්බුදයට එරෙහිව නැගී සිටි සමස්ත ලාංකේය අරගලකරුවන් වෙනුවෙන් මෙම නව දේශපාලන පක්ෂය ලියාපදිංචි කර ගැනීමට කටයුතු කළ බව එම කණ්ඩායමේ ප්‍රකාශකයෙක් පැවසීය.

අරගලයේ නිරත නිර්පාක්ෂික අරගලකරුවන් වෙනුවෙන් දේශපාලන පක්ෂයක් නොතිබීමත් පවතින දේශපාලන අර්බුදයට මුහුණ දීමත් මෙම නව දේශපාලන පක්ෂය ලියාපදිංචි කර ගැනීමේ අරමුණ බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.

Exit mobile version