Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නව ජනාධිපති සඳහා නාමයෝජනා දීමට රනිල් සහභාගි නොවිය යුතුයි – අරගල භූමියේ සංවිධායකවරු

නව ජනාධිපති සඳහා නාමයෝජනා දීමට රනිල් සහභාගි නොවිය යුතුයි - අරගල භූමියේ සංවිධායකවරු

නව ජනාධිපති සඳහා නාමයෝජනා දීමට රනිල් සහභාගි නොවිය යුතුයි - අරගල භූමියේ සංවිධායකවරු

ජනමතයක් නොමැති රනිල් වික්‍රමසිංහ තනතුරෙන් ඉවත්වන තුරු ගෝල්ෆේස් අරගල භූමියෙන් අරගලකරුවන් ඉවත් නොවන බවත් ඔහුට එම තනතුරේ රැඳී සිටීමට කිසිදු අයිතියක් නොමැති බවත් අරගල භූමියේ සංවිධායකවරු පවසති.

නව ජනාධිපතිවරයෙකු පත්කර ගැනීම සඳහා වන නාමයෝජනා දීමේ කටයුතු සඳහා රනිල් වික්‍රමසිංහ සහභාගි නොවිය යුතු බවත් ඔහු එසේ සහභාගි වුවහොත් රට පුරාම විරෝධතා නැවතත් ආරම්භ කරන බවත් ඔවුහු සඳහන් කළහ.

ජනතාව අග්‍රාමාත්‍යවරයා වශයෙන් පිළි නොගත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත්කිරීම විහිළු සහගත බවත් එයට කිසි විටකත් ජනතාව සහයෝගය නොදෙන බවත් වෙනසක තාරුණ්‍ය සංවිධානයේ ජාතික සංවිධායක ළහිරු වීරසේකර පැවසීය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ යන දූෂිත පාලකයන්ට විරුද්ධව ජනතා නැගී සිටීම නතර වී නොමැති බවත් වැඩබලන ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම ලැබෙන තුරු නොබියව අරගලය කරන බවත් හෙතෙම කීය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත් නොකරන ලෙසත් ඔහු වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමාජ ක්‍රියාකාරීන් හා වෘත්තීය සමිති ගණනාවක් ඉල්ලා සිටින බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරී තරිඳු උඩුවරගෙදර පැවසුවේය.

පවතින දේශපාලනික අස්ථාවරභාවය හමුවේ ජනතාවගේ ඉල්ලීම්වලට සවන්දී රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස් වී එයට සුදුසු පුද්ගලයන් පත්කර ගත යුතු බවත් ඔහු පැවසීය.

Exit mobile version