Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ 28තෙක් විදෙස් ගතවීම තහනම්

මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ 28තෙක් විදෙස් ගතවීම තහනම්

මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ 28තෙක් විදෙස් ගතවීම තහනම්

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරු දෙදෙනාට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරයකින් තොරව මේ මස 28 වැනි දින තෙක් විදෙස් ගතවීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් (15) නිකුත් කළේය.

මෙම අතුරු නියෝගය නිකුත් කෙරුණේ සමාජ ක්‍රියාකාරිකයෙකු වන චන්ද්‍රා ජයරත්න ඇතුළු පෙත්සම්කරුවන් විසින් ගොනුකරනු ලැබ තිබූ පෙත්සම් ශේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ (15) කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

මෙම මෝසම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්. ඩී. බී. දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණ. පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල යන මහත්වරුන් මෙම මස 27 වන දින තෙක් විදේශගත නොවන බවටද අධිකරණය හමුවේ පොරොන්දු වූහ.

මෙහි තවත් වගඋත්තරකරුවකු වන හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ද ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරයකින් තොරව විදෙස්ගත නොවන බවට අධිකරණයේදී පොරොන්දු විය.

මෙම මෝසම ගොනු කරනු ලැබ ඇත්තේ සමාජ ක්‍රියාකාරිකයකු වන චන්ද්‍රා ජයරත්න, ප්‍රසිද්ධ ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩක ජුලියන් බෝලිං ඇතුළු තිදෙනකු විසිනි. රටේ ආර්ථික අර්බුදයට සම්බන්ධ වගකිවයුත්තන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා පියවර ගන්නා ලෙසට ඉල්ලා පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම් ගොනු කරනු ලැබ තිබේ.

Exit mobile version