Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කළමනාකරණ සේවා නිලධාරීන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත තාවකාලිකව අනුයුක්ත කිරීමට තීරණයක්

Online වීසා ගැන විශේෂ නිවේදනයක්

Online වීසා ගැන විශේෂ නිවේදනයක්

කළමනාකරණ සේවා නිලධාරී සේවයේ නිලධාරීන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත තාවකාලිකව අනුයුක්ත කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය තීරණය කර තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඒ සම්බන්ධයෙන් සියලු ආයතන ප්‍රධානීන් වෙත ජූලි (06) දිනයේ දැනුම් දෙනු ලැබ ඇත.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කොළඹ කාර්යාලය වෙත පැමිණෙන දෛනික සේවාලාභීන්ගේ ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් පවතින තත්ත්වයට සාර්ථකව මුහුණ දීම සඳහා කළමනාකරණ සේවා නිලධාරී සේවයේ නිලධාරීන් තාවකාලික පදනම මත මාස තුනක කාලයක් සඳහා අනුයුක්ත කරන ලෙස ආගමන හා විගමන පාලක ජනරාල්වරයා විසින් ඉල්ලීමක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.

ඒ අනුව, බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට කිලෝමීටර් 10ක් දුරින් පදිංචි කළමනාකරණ සේවා නිලධාරී සේවයේ නිලධාරින් සඳහා මාස තුනක කාලයක් සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරීමට තීරණය කර ඇත.

දිවා රාත්‍රී සේවා මුර ක්‍රමයට සේවය කිරීමට කැමැත්ත පළ කරන නිලධාරීන්ගේ ඉල්ලීම් හා ඒ පිළිබඳව නිර්දේශ ලබන 11වන දිනට පෙර ලබා දෙන ලෙස සියලු ආයතන ප්‍රධානීන් වෙත ඒකාබද්ධ සේවා අධයක්ෂ ජනරාල්වරයා විසින් දැනුම් දෙනු ලැබ තිබේ.

මෙය කඩිනම් අවශ්‍යතාවක් සේ සලකා ප්‍රමුඛත්වයදී කටයුතු කරන ලෙස ත් ඉල්ලීම් ලැබීමේ අනුපිළිවෙල අනුව අනුයුක්ත කිරීම් සිදුකරන බව ත් ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දැනුම් දෙනු ලැබ ඇත.

Exit mobile version