Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට බලපා ඇති දරුණු ගංවතුර හේතුවෙන් 148,000 කට වැඩි පිරිසක් සහන කඳවුරුවල

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට බලපා ඇති දරුණු ගංවතුර හේතුවෙන් 148,000 කට වැඩි පිරිසක් සහන කඳවුරුවල

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට බලපා ඇති දරුණු ගංවතුර හේතුවෙන් 148,000 කට වැඩි පිරිසක් සහන කඳවුරුවල

ඉන්දියාවේ ඊසානදිග ඇසෑම් ප්‍රාන්තයට බලපා ඇති දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් මිලියනයක පමණ පිරිසක් පීඩාවට පත්ව ඇත.
දහස් ගණනක් සහන කඳවුරුවල රඳවා ඇතියි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම තත්ත්වය මත දහස් ගණන් ජනයා ආහාර, ඖෂධ සහ පානීය ජලය ලබා ගැනීම වෙනුවෙන් දැඩි දුෂ්කරතාවලට මුහුණ දී තිබේ.

ඉන්දීය හමුදාව සහ ජාතික ආපදා ප්‍රතිචාර බලකාය ප්‍රාන්තයේ සහන මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටියි. 148,000 කට වැඩි පිරිසක් ප්‍රාන්තය පුරා ස්ථාපිත කර ඇති සහන කඳවුරු 299ක සිටින බව ඇසෑම් ආපදා කළමනාකරණ ඒජන්සිය පවසයි.

Exit mobile version