Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්ධන ලීටරයක් දැනට අළෙවි කරන මිලට වඩා රු. 200 කින් අඩුකරන්න පුළුවන් – මහජන උපයෝගිතා කොමිසම

විදුලි ගාස්තු 30% කින් අඩුකිරීමේ හැකියාව ඇත - මහජන උපයෝගිතා කොමිසමේ සභාපති

විදුලි ගාස්තු 30% කින් අඩුකිරීමේ හැකියාව ඇත - මහජන උපයෝගිතා කොමිසමේ සභාපති

ඉන්ධන ලීටරයක් දැනට අළෙවි කරන මිලට වඩා රුපියල් 200ක් අඩු මිලකට ජනතාවට ලබාදීමේ හැකියාව ඇති බවත් ඉන්ධන ලීටරයක සත්‍ය ආනයනික වියදම රුපියල් 300ට වඩා වැඩි නොවන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා (07) පැවසීය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන ආනයන පිරිවැය වැඩියෙන් ඉන්ධන මිල සූත්‍රයට ආදේශ කර ඇති බවත් මෙම මිල වැඩියෙන් පෙන්වීමෙන් ඉන්ධන පිරවුම්හල්වලට ලබාදෙන මුදලද වැඩියෙන් ගණනය වන බවත් රත්නායක මහතා සඳහන් කරයි.

ඛනිජ තෙල් සංස්ථාව බොරතෙල් බැරලයකට ඩොලර් 72.50කට මිලදී ගෙන ඇත්නම් ලෝක වෙළෙඳපොලේ ඩොලර් 200ක් වුවත් එහි වැඳගත්කමක් නොමැති බව කී රත්නායක මහතා පෙට්‍රල් බැරල්යක් ඩොලර් 171ක් යැයි කීවද ඔක්ටේන් 92 පෙට්‍රල් ඩොලර් 100ට ආනයන කර ඇති බවද සඳහන් කළේය.

ඔක්ටේන් 95 පෙට්‍රල් ඩොලර් 103ට, ඔටෝ ඩීසල් ඩොලර් 112ට, සුපිරි ඩීසල් ඩොලර් 115 සහ භූමිතෙල් ඩොලර් 105ට ලෙස ආනයන කර ඇති බවත් ආනයන කළ වටිනාමක අනුව ඉන්ධන මිල ගණනය කළ යුතු බවත් රත්නායක මහතා කීය.

මෙම ගණනය කිරීමේදී බදු ආදායම අහිමිවී තෙල් සංස්ථාවට රුපියල් 200 ක් ලැබෙන බව කී රත්නායක මහතා සඳහන් කළේ අවසානයේ ඉන්ධන මිලදී ගැනීමටද මුදල් නොමැති බවත්ය.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය.

Exit mobile version