Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උතුරෙන් හමුදාව ඉවත් කරන්න – දෙමළ ඩයස්පෝරාව ඉල්ලයි

උතුරෙන් හමුදා සේනාංක 16ක් ගොඩගැනීමට කොටි ඩයස්‌පෝරාව ජාත්‍යන්තර ප්‍රජාව වෙත හිතවත්කම මත සිදු කළ බලපෑම පිළිබඳ හෙළිදරව් වී තිබේ.

දකුණේ මාධ්‍යයක් විසින් පළ කරන ලද පුවතක මෙම කරුණ වාර්තා වී තිබිණි.

උපායමාර්ගික ස්ථානවල රඳවා සිටින මෙම හමුදා කාණ්ඩ නඩත්තු කිරීමට රජය අතිවිශාල මුදලක් වැය කරන බව කොටි ඩයස්‌පෝරාව ජාත්‍යන්තර ප්‍රජාවට සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලට දැනුම් දී ඇත.

එනම් රුපියල් බිලියන 373 ක ප්‍රතිපාදනයක් වෙන් කෙරේ

එමෙන්ම, මෙම හමුදාවන් නඩත්තු කිරීම නිසා රජයේ ඩොලර් සංචිත අඩුවී ඇති අතර මෙවරත් 255,000ක ආරක්ෂක අංශ හමුදා සාමාජිකයින් වෙනුවෙන් රුපියල් බිලියන 373ක අති දැවැන්ත මුදලක් වෙන්කර තිබේ.

මෙය 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයට සියයට 14 ක් වැඩිවී ඇති අතර කොටි ඩයස්‌පෝරා සංවිධානය ලෝක බැංකුවට සහ ජාත්‍යන්තර මුල්‍ය ආයතන වෙත පැමිණිලි කර ඇත.

කෙසේ වෙතත්, මෙම පැමිණිලි සම්බන්ධයෙන් රජය ප්‍රතිචාර දක්වා නොමැති බවද එම පුවත් පතෙහි වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

Exit mobile version