Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රටේ ජනාධිපතිවරයෙක් ඉන්නවා ඇහැට පේන්න නැහැ; ගිනි කන්ද උඩ ඉඳගෙන අපි ටෙනිස් බෝල ගහනවා – විමල් වීරවංශ

පාසල් නිල ඇඳුම වෙනස් කිරීමෙන් හයිටි රාජ්‍යය බිඳ වැටුණා; NGOකාර වෘත්තීය සමිතිවල ඉල්ලීම්වලට කරන්න බෑ - විමල්

පාසල් නිල ඇඳුම වෙනස් කිරීමෙන් හයිටි රාජ්‍යය බිඳ වැටුණා; NGOකාර වෘත්තීය සමිතිවල ඉල්ලීම්වලට කරන්න බෑ - විමල්

ඉන්ධන නොමැති වීම හේතුවෙන් රටේ ස්වයං ඇඳිරි නීති තත්ත්වයක් හටගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ජූලි (04) පාර්ලිමේන්තුවේදී ඔහු සඳහන් කළේ, ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් ඇති බවය.

මන්ත්‍රීවරුන් පවා අද වනවිට ගමනක් ගොස් නැවත පැමිණෙන ආකාරය පිළිබඳව බියක සිටින බව විමල් වීරවංශ මහතා පැවසීය. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.

“මේ අර්බුදයෙන් පීඩාවට පත් වන මහජනයාට කවුද මොකක්ද කියන්නේ? රටේ ජනාධිපතිවරයෙක් ඉන්නවා ඇහැට පේන්න නැහැ. මහජනයට පේන්න නැහැ. කතානායකතුමනි, මිනිස්සු පෙළෙන්නේ ඉතාම බරපතළ පීඩාවක අඩු ගාණේ ඒ මිනිස්සුන්ට හිතට දැනෙන්න සහනයක් හෝ බලාපෙරොත්තුවක් පේන තෙක් මානයක නැහැ. අපි විපක්ෂයේ හිටියා කියලා මේකෙන් කාලකන්නි සන්තෝසයක් ලබන්නේ නැහැ. අපිටත් ඒ මිනිස්සුන්ගේ පීඩාවෙන් ගොඩ එන්න පුළුවන් නම් අපිත් උත්සහ දරනවා මොකක්ද කරන්න පුළුවන් කොයි රටත් එක්කද කතා කරන්න පුළුවන් කියලා.

අවාසනාවකට මේ තියෙන පාලන තන්ත්‍රය ගැන ජාත්‍යන්තරයේ විශ්වාසයක් නෑ. කවුරුහරි හිතනවා නම් රනිල් වික්‍රමසිංහ මහත්තයාව අගමැති කරහම ජාත්‍යන්තර විශ්වාසයක් ඇති වෙනවා කියලා එහෙම වෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහගේ භූමිකාව ගැන නෙමෙයි මම මේ කියන්නේ. එතුමා ඡන්දයෙන් පැරදිච්ච ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකින් ආපු තනි පුද්ගලයෙක්. එහෙම කෙනෙක් අගමැති කරා කියලා ජාත්‍යන්තර විශ්වාසය ඇති වෙනවා කියලා මම නම් හිතන්නේ නෑ. කරුණා කරලා දැන්වත් මේක අර්බුදයෙන් අර්බුදයට උත්සන්න වීමට නොදී අපි පක්ෂ ටික එකතුවෙලා සාකච්ඡා කරලා සර්ව පාක්ෂික පාලනයක් පිහිටුවලා රටේ විශ්වාසයයි ජාත්‍යන්තර විශ්වාසයයි දෙකම දිනාගන්න වැඩපිළිවෙලකට යන්. ගිනි කන්දක තියෙන්නේ මේ රට. ගිනි කන්ද උඩ ඉඳගෙන අපි ටෙනිස් බෝල ගහනවා මෙතන.”

Exit mobile version