Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකා මහ බැංකුව අසාර්ථක මූල්‍ය සමාගම් 5ක් ඈවර කිරීමේ තීරණයක්

මුදල් ප්‍රතිපත්තිය ගැන මහ බැංකුවෙන් තීරණයක්

මුදල් ප්‍රතිපත්තිය ගැන මහ බැංකුවෙන් තීරණයක්

ETI ෆිනෑන්ස් ලිමිටඩ් ඇතුළු අසාර්ථක මූල්‍ය සමාගම් 5ක් ඈවර කිරිම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
අදාළ සමාගම් වන්නේ, සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් ලිමිටඩ්, ETI ෆිනෑන්ස් ලිමිටඩ්, TKS ෆිනෑන්ස් ලිමිටඩ්, ද ෆිනෑන්ස් කම්පනි පී.එල්.සී සහ ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ් යන මූල්‍ය සමාගම්ය.

අසාර්ථක මූල්‍ය සමාගම් පහ පුනර්ජීවනය සඳහා ඉදිරිපත් විය හැකි විකල්ප යෝජනා පරික්ෂා කිරීම සඳහා අසාර්ථක බලපත්‍රලාභී මූල්‍ය සමාගම් පුනර්ජීවන උපදේශන කමිටුවක් මුදල් මණ්ඩලය විසින් පත්කරනු ලැබ තිබිණ.

එම උපදේශන කමිටුවේ නිර්දේශ මත අදාළ අසාර්ථක මූල්‍ය සමාගම් ඈවර කෙරෙනු ඇති.

Exit mobile version