Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගෘහස්ථ ගෑස් සහ පොහොර සඳහා ආධාර මුදල් වෙන් කිරීමට ලෝක බැංකුව තීරණය කරයි

ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක ආධාර පැකේජයක්

ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක ආධාර පැකේජයක්

ශ්‍රී ලංකාවට අවශ්‍ය ගෘහස්ථ ගෑස් සහ පොහොර සඳහා ආධාර මුදල් වෙන් කිරීමට මේ වන විටත් තීරණය කර ඇති බවත් අත්හිටුවා ඇති ව්‍යාපෘති මූල්‍ය ආධාර ලබාදිය හැකි ආකාරයට ප්‍රති සැළසුම් කරන බවත් ලෝක බැංකු නියෝජිතයෝ පවසති.

ලෝක බැංකු ආධාර යටතේ ශ්‍රී ලංකාව තුළ දැනට ව්‍යාපෘති 17ක් ක්‍රියාත්මක වන බවත් පවතින අසීරු අවස්ථාවට මුහුණ දීම සඳහා මූල්‍ය ආධාර දියහැකි අයුරින් එම ව්‍යාපෘති ප්‍රතිසැලසුම් කරන බවත් ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා අධ්‍යක්ෂ හදාද් සර්වෝස් මහතා පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවට පැමිණීමෙන් පසු ලෝක බැංකුවේ සහාය තවදුරටත් ලබාදීමට අපේක්ෂා කරන බව කී සර්වෝස් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

ලෝක බැංකු නියෝජිතයන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර (29) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේදී ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා අධ්‍යක්ෂ හදාද් සර්වෝස් මහතා පැවසීය.

කෘෂිකර්ම, පශු සම්පත්, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ ව්‍යපාර සඳහා ලබාගත හැකි ආකාරයට අඩු පොළී අනුපාතයක් මත එම ණය නිකුත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා එහිදී ලෝක බැංකු නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය.

Exit mobile version